පාකිස්තාන සරණාගතයන් 700ක් ශ්‍රී ලංකාවට, අරමුදල් පාකිස්තානයෙන්, අනුග්‍රහය එක්සත් ජාතීන්ගෙන්!

අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය හිස ඔසවා තිබෙන මොහොතක මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන සරණාගතයින් 700 කට වැඩි පිරිසක් ගම්පහ පස්යාල මුස්ලිම් දේවස්ථානයක රැදී සිටින බව වාර්තා වෙනවා.

පාකිස්තාන පවුල් 208 කට වැඩි පිරිසක් මෙහි රැදී සිටින බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 14 ට අඩු බාල වයස්කරුවන් සිය ගණනක්ද ඒ අතර වනවා. මෙම පාකිස්තාන ජාතිකයන් පසුගිය සමයේ මෙරටට පැමිණ මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක රැදී සිට තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන්. ඔවුන්ට මුදල් අනුග්‍රහය ලබා දී ඇත්තේ පාකිස්තාන රජයෙන් බව කියවේ. 

කෙසේ වෙතත් මෙරට රජය මෙලෙසින් සරණාගතයන් භාර ගැනීම සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එයින් මෙරට ජාතික ආරක්ෂාව දැඩි අනතුරකට හෙළිවීමට රජය කටයුතු කර ඇතැයිද චෝදනා එල්ල වී තිබුනා.