පාස්කු ප්‍රහාරයේ 27 ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 ඊබ‍්‍රාහීම් සාදික් තවමත් නිදැල්ලේ

මීට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන්ටද මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. තවත් දෙදෙනෙකු ඊට සම්බන්ධ වී ඇතැයිද ඔවුන් සහෝදරයන් බවටද තොරතුරු ලැබී තිබෙනවා. ඒ, 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන අයයි. ඔවුන් දෙදෙනාද තවමත් නිදැල්ලේ සිටින බවටයි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.