පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් මිය ගිය බවට බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්


ඉකුත් පාස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාව එල්ල කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වු සහරාන් හෂිම් එම ප්‍රහාරයෙදි ජිවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියි.

“සහරාන් හෂීම් මේ ප්‍රහාරයේ මෙහෙයවු පුද්ගලයා බවට බුද්ධි අංශ හදුනාගෙන තිබෙනවා. ෂැන්ග්‍රිලා හෝටලය තුල සිදුකළ පිපිරිමේදි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි බුද්ධි අංශ තහවුරු කරන්නේ. ඔහු ඒ ප්‍රහාරය මෙහෙයවු බවට හෝටලයේ ආරක්ෂිත කැමරාවල පවා සටහන්ව තිබුනා” යනුවෙන් ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා පවසනවා.