රිෂාඩ් මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පවත්වලා .

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව වහාම පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
 
 මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් ගැන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බදුර්දීන් මහතාගේ දේශපාලන පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් සහ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස පත්කර තිබූ බව මේ වනවිට හෙළි වී ඇති බව ද ඊයේ (25 ) පුංචි බොරැුල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
මන්නාරමේ අක්කර තුන්දහසක් පමණ විශාල දූපතක් බදුර්දීන් ඇමැතිවරයා තමන්ගේ පවුලේ අයගේ නමින් ලබාගෙන ඇති බවත් ඒ සඳහා රු. මිලියන 240 ක පමණ මුදලක් වියදම් කිරීමට එරෙහිව මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පැවැත් වූ පරීක්‍ෂණ අතරමඟ නතර වී ඇතැයි දිසානායක මහතා පැවසීය.

ඊට අමතරව ආර්. ඒ. එන්. නමැති කටාර් පදනමකින් මන්නාරම් නගරයේ මුස්ලිම් පල්ලියක් සෑදීම සඳහා ලබාදුන් රියාල් හය ලක්‍ෂ පනස් දාහක මුදලට සිදු වූ දේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඔහුගේ ළඟම මිතුරකුගේ මරණයක් සම්බන්ධයෙන් ද බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණ අතර මඟ නතර වී ඇති බවත් හෙතෙම පැවසීය.
 
 එම සියලූ පරීක්‍ෂණ සඳහා ඇසින් දුටු සාක්‍ෂි සහ කටඋත්තර ලබාදීමට මේ වනවිට පුද්ගලයන් ඉදිරිපත් වී ඇති බවත් කී එස්. බී. දිසානායක මහතා සියලූ චෝදනා කඩිනමින් විභාග කර බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය වහා පියවර ගත යුතු බව සඳහන් කළේය.