සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ඥාතියෙක් ‌හෝටලයෙන් අත්අඩංගුවට

ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙනවා.

ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.