කල්මුණේ ප්‍රහාරයේදි මියගිය 15ක ගේ සිරූරු හමුවෙයි

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදි ආරක්ෂක අංශ සහ අන්තවාදි සාමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදුවු ප්‍රදේශයේ තිබි පුද්ගල මළ සිරුරූ 15ක් මේ වන විට සොයා ගෙන තිබෙනවා.

ඒ අතර පිරිමි මළ සිරුරූ 6ක් කාන්තා මළ සිරුරූ 3ක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ  සිරුරූ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාවක් රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.