බුර්කාව ලංකාවේ තහනම් කරන්න ‌දෙන්නේ නෑ…! රනිල් මංගල ඇතුළු එජාපය කියයි..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

හදිසි අවස්ථාවකදී පුද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට අදාළ යෝජනාවට මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අතර, රටේ පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා. එහිදී අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

නමුත් එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර සිය දැඩි විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළ නොවීම නිසා අමාත්‍ය තලතා අතුකෝරාල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම්, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් බවයි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි