අද හා හෙටත් සතොස විවෘතයි

දිවයින පුරා ව්‍යාප්තව ඇති ලංකා සතොස අළෙවි සැල් ජාලය අද සහ හෙට දිනවලදී විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහජනතාවගේ අවශ්‍යතාව මත රාති‍්‍ර 9 දක්වා සතොස අළෙවිසැල් විවෘත කර තැබීමට ප‍්‍රාදේශීය කළමණාකරුවන් වෙත බලය ලබාදී ඇති බවයි ලංකා සතොස ලිමිටඞ් ප‍්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත පැවසුවේ.

රට තුළ මතුව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පැවසුවා. හිගයකින් තොරව භාණ්ඩ සතොස අළෙවි සැල් ජාලය වෙත ලබාදීමටද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.