අන්තවාදීන්ගේ තවත් ප්‍රහාරයක් : ආරක්ෂක අංශ අනතුරු අඟවයි

අන්තවාදීන් විසින් තවත් ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ඒ සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක කොට්ඨාශයට ද දැනුම් දී ඇතැයි සඳහන්. ඒ, සිය ප්‍රභූවරුන් ආරක්ෂා කර ගන්නා ලෙසටයි. 

එමෙන්ම පොලිස් ස්ථානවල ආරක්ෂාව තර කරන ලෙසට ද බුද්ධි තොරතුරු වාර්තා කර ඇතැයි සඳහන්. ඉකුත් 25 වනදා සිට අද දිනය තෙක් ජනාකීර්ණ සහ ප්‍රසිද්ධ ස්ථාන මඟහැර සිටින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය ද මීට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.