කොළඹ පිපිරුම් මාළාවේ ප්‍රධාන සැකකරුගේ බිරිඳ සහ දරුවා බේරා ගැනේ (PHOTOS / VIDEO)

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ දී ඉකුත් සිකුරාදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වු නිවසේ සිට ආරක්ෂක අංශ විසින් ඊයේ (27) බේරා ගනු ලැබු කාන්තාව සහ කුඩා දැරිය ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂිම්ගේ බිරිද සහ දරුවා බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස එම නිවස තුල තුවාල ලබා සිටියදී බේරා ගෙන ඇත්තේ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නම් කාන්තාව සහ සිව් හැවිරිදි දාහරන් රුසෙයිනා නම් දැරිය බවයි පොලීසය සඳහන් කරන්නේ.

මෙම කාන්තාව සහ දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති බව සඳහන්.

Aftermath of shootout at #SriLanka bombers’ suspected militant hideout https://t.co/18jyal6gzV pic.twitter.com/P3v0MUo7B6— RT (@RT_com) April 27, 2019