අපට නීතිය අතට ගන්න ඉඩ තබන්න එපා – අගරදගුරු හිමියන් කියයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට නායකත්වය දුන් ඇතැම් අය, රටින් පළා ගොස් හෝ පළායාමට සූදානම් වෙමින් ඇත්දැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සැක පළ කරනවා.

එලෙස ගැලවී යා නොදී වගකිවයුතු සියලූ දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

එසේ නොළහොත්, ඊට එරෙහිව  විරෝධතා ආරම්භ කරන බව ද කාදිනල් හිමිපාණන් පැවසුවා. 

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පක්ෂ භේදයෙන් තොරව, සියලූ පාර්ශව එක්විය යුතු බවද, මෙහිදී අවධාරණය කෙරුණා.

කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අදහස් පළ කළේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.