කුරාණය සමඟ සිටි චීවරධාරියෙකු ගැන සැකයක් (ඡායා)

නාවලපිටියේ සිට පැමිණි බව සඳහන් කරන චීවරධාරියෙකු මහරගම දහම් මාවතේදී කුරාණයද සමඟ හමුවී ඇත. ප්‍රදේශවාසීන් විසින් සැකපිට මොහු පිළිබඳව තොරතුරු විමසා ඇති අතර අනතුරුව මහරගම පොලිසියට දැනුම් දී තිබේ. මහරගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

තවද මීරිගම ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිවුරු 300 ක් අතුරුදන්ව ඇති බවට නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ජාතික ‘තව්හිත් ජමාත්’ සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය මඟින් අනාවරණය කරගෙන තිබේ.

එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇත.

පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළෙඳසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇද සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කරයි.