මුස්ලිම් ආගමික කටයුතු ඇමැති හලීම් තව්හීද් ජමාත් පල්ලි 400කට අවසර දීලා

මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

මෙම පල්ලිවහාම තහනම්කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ වනවිට අත්අඩංගුවටගෙන ඇති අන්තවාදීත්‍රස්ථවාදීන්ටදඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.