සහරාන් හෂීම්ගේ තවත් අනුගාමිකයෙකු කන්තලේදී අත්අඩංගුවට

තව්හීද් ජමාද් සංවිධානයේ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයින් 08දෙනෙකු කින්නියා නගරයේදී අද අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම්වලින් පසු මුදා හැරුණා.

මෙම ඉන්දීය ජාතිකයින් 08දෙනා අත්අඩංගුවට ගැනුණේ ආගමික ප‍්‍රචාරක කටයුතුවල යෙදි සිටි බවට සැකපිටයි. ඔවුන් කිසිවෙකු ලග ගුවන් ගමන් බලපත‍්‍ර ද තිබී නැහැ. 

මේ අතර ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ නායකයා බව කියන මොහොමඞ් සහරාන් හෂීම්ගේ දේශන ඇතුළත් සංයුක්ත තැටි ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු කන්තලේදී අද අත්අඩංගුවට ගැනුණා.

සංයුක්ත තැටි 23ක් ඔහු ලග තිබී සොයා ගැනුණූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.