ෆුල්ෆේස් තහනම් නෑ….!

මෙරට ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද (29) සිට තහනම් වුවද එය ෆුල්ෆේස් හෙල්මට් සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

මුහුණු ආවරණ තහනම් කිරීමත් සමග ෆුල්ෆේස් හෙල්මට් පැළඳීමද තහනම් වන්නේදැයි බොහෝ දෙනෙකු තුළ පැවතියේ ප‍්‍රශ්නගත තත්වයක්.

ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ වැඩි දුරටත් සඳහන් කළේ “මෙම හෙල්මට් එකත් එවැනිම ආකාරයේ ගැටලුවකට මුහුණු දෙයිද කියලා අපි තාම සාකච්ඡා කරමින් ඉන්නේ.” යනුවෙනි.