සැක සහිත ටී ෂර්ට් සහ හිස්වැසුම් සමග තරුණයින් පිරිසක් අත්අඩංගුවට

පුත්තලම කරඹ ප‍්‍රදේශයේ තිබී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී ෂර්ට් සහ හිස්වැසුම් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, නොරොච්චෝලේ පොලිසියේ නිලධාරීන් ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව මෙම මෙහෙයුම් සිදු කෙරුණා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.