කෝට්ටේ රාජමහා විහාරස්ථානය විඩියෝ ගත කරමින් සිටි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

කෝට්ටේ රාජමහා විහාරස්ථානය ජංගම දුරකතනයකින් විඩියෝ ගත කරමින් සිටි බිබිල කෘෂිකර්ම විද්‍යාලයේ පාඨමාලාවක් හදාරණ සිසුන් දෙදෙනෙනකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාගෙන් අයෙකු සමන්තුරේ පදිංචි කරුවෙකු වන අතර අනෙක් තැනැත්තා බදුල්ලේ පදිංචිකරුවෙකි.

මුස්ලිම් තරුණයා සන්තකයේ තිබූ ජංගම දුරකතනයේ ඔහු විසින් කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඡායාරූප, වීඩියෝ දර්ශන මෙන්ම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ වීඩියෝ දර්ශණ ඇතුළත් ව තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 හා 21 වැනි වියේ පසුවන්නන් වන අතර ඔවුන් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට පොලීසිය අපේක්ෂා කරයි.