මඩකලපු ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම කෙරෙහි ජනපතිගේ අවධානය

මඩකලපුව, පුනානි ප්‍රදේශයේ ඉදිකළ ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වී තිබේ. ඒ ඊයේ (29) ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් චන්න ජයසුමන මහතා කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස ජනපති මෛත්‍රී බලධාරීන්ට දන්වා ඇත. මෙම විශ්ව විද්‍යාලය පළමුවෙන් 2013 වසරේ ලියාපදිංචි කර ඇත්තේ විශ්ව විද්‍යාලයක් ලෙස නොවන බවත් වෘතීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස බවත් ඒ මහතා එහිද කරුණු පැහැදිලි කළේය.

එමේන්ම සෞදී රජයේ ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන බව පැවසුවද මේ සඳහා සෞදි රජයෙන් කිසිදු ආදාරයක් ලබා දී නොමැති බවත් ඒ සඳහා මුදල් යොදවා ඇත්තේ එරට සිටින පුද්ගලයෙක් පමනක් බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයක්ද ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බවත් ශරීයා නීතියා පමණක් උගන්වන නීති පිඨයක්ද එහි ඇති කිරීමට සුදානමින් ඇති බවයි.