මන්නාරමේ වඩු මඩුවක් පවත්වාගෙන ගිය අයෙකු ළඟ තිබී කෝටි දහසයක් හමුවෙයි

ආරක්ෂක අංශ විසින් ඊයේ ( 29) සවස මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතරින් මන්නාරම නගරයට ආසන්නව ඉතාම කුඩා පරිමාණයේ වඩු මඩුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන වඩු මඩුව පරීක්ෂා කළ අවස්ථාවේදී හමු වූ බැංකු පොතක ඔහුගේ නමින් රුපියල් කෝටි දාසයක මුදලක් තැන්පතු වශයෙන් ඇති බව පෙනී ගොස් තිබේ.

යුද හමුදාව කළ ප්‍රශ්ණ කිරීම් වලදී එම මුදල ඔහුට ලබුණු ආකාරය විස්තර කිරීමට නොහැකි වූ නිසා යුද හමුදාව විසින් මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සියලුම දෙනා යුද හමුදාව විසින් මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.