මේක මුස්ලිම් රාජ්‍යක් නෙමෙයි….! මේ රටේ නීතියට ඉන්න බැරිනම් වෙන දිහාවකට යන්න….!

මේ තමයි ISIS ත්‍රස්තයින් මුස්ලිම්වරුගෙන් පාඩමක් ඉගෙනගන්නා රට… ශ්‍රී ලංකාව…

“මෙය මුස්ලිම් රාජ්‍යක්වත් බටහිර රටක්වත් නොව ශ්‍රී ලංකාවයි. ලාංකිකයින්ගේ දේශයයි.සිංහලයාගේ රටයි. සිංහලයාගේ එකම රටයි….

මා මේ කතාකරන්නේ තනිකරම මුස්ලිම් ජනතාවටයි. එක්කො මේ රටට අනුව ශ්‍රී ලාංකිකයන් විදිහට හැඩගැසී අනෙකුත් ජාතීන් සමඟ සුහදව කටයුතු කරමින් මේ රට ගොඩගැනීමට දායක වන්න.ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක් නම් පමණක්. එසේ නොමැතිව ඔබ ජාතක වූයේ අන්තවාදියෙක්ගෙන්ඔබ ජාතක වූයේ ත්‍රස්තවාදියෙකුටදාව නම් මේ රට අතහැර යෑමට ඔබට ඕනෑ තරම් රටවල් ඇත.ලෝකයේ ඔබට සුදුසු ආකාරයට ජීවත් විය හැකි ඕනෑ තරම් රටවල් ඇත.
නමුත් මේ පින්බර දේශය තව තවත් ඔබලාගේ මොට්ට අදහස් වලින් කාබාසිනියා නොකරන්න.

පලමුවෙන්ම මේ බුර්කාවඅවශ්‍යම නැත.ඔබට ඔබගේ මූණ කිසිවෙකුට පෙන්විය නොහැකි නම් තමන්ගේ නිවසට වී මූණ හංගාගෙන වාසය කරන්න.කුරානයේ කිසියම්ම තැනක බුර්කාව පලඳන්න කියා නැත.මා සිතන ආකාරයට අරාබිකරයේ කාන්තාරවල වැලි කුණාටු වලින් ආරක්ෂා වීමට ඒ කාන්තාවන් මෙය භාවිත කර තිබෙන්නට පුලුවන.මේ ලංකාවේ ඔබට මෙය පැලඳීමට කිසිම අවශ්‍යතාවයක් මම නොදකිමි.හුදෙක් මෙය ත්‍රස්තවාදයටහා මංකොල්ලකෑම්වලට උදව් දෙන්නක්ම පමණි.කුරානයේ පවසා ඇත්තේ ඔබගේ සිරුර නිරාවරණය නොවන පරිදි සහ පිරිමියෙකුගේ හැඟීම් නොඇවිස්සෙන පරිදි ශරීරය ආවරණය කිරීමට කියා මිස මිනිසුන් බිය වැද්දීමට හෝ ජඩ වැඩ වලට ඇඳුම් භාවිත කරන්න කියා නොවේය.ඔබට ලස්සන වර්ණවත් සලුවකින් ඔබගේ හිස ආවරණය කරගත හැකිය.එවිට ඔබ ඉතා සුන්දරය.නැවත කියමි රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන මේ බුර්කාව අවශ්‍යම නැත. එය නැවැත්වීමට ඔබට නොහැකි නම් දෙවියන්ගෙ නාමෙන් නිවසට වී සිටින්න.

දෙවනුව ලංකාවට ශරියා විශ්වවිද්‍යාල හෝ ශරියා නීති ගෙන ඒමට මේ ඔබේ තාත්තාගේ රට නොවන බව අමතක නොකරන්න. ඔබට ශරියා නීති පනවා ඇති රටවලට ගොස් ඔබට රිසි සේ වාසය කල හැක.මේ දේශයේ ජීවත් වන සැවොම ශ්‍රී ලාංකික නීති වලට යටත්ව ජීවත් විය යුතුයි.ශරියා විශ්වවිද්‍යාල නොව පිරිසිදු ඉස්ලාම් දර්මය ඉගෙනීමට පිරිවෙන් දහම්පාසල් ආකාරයේ ආයතන පමණක් තිබීම ප්‍රමාණවත්ය. සුලු ජාතියක් ලෙසට මෙරටේ ඔබට ලැබී ඇති වරප්‍රසාද ඕනෑවටත් වඩා තිබේ.ඒවායින් අයුතු ප්‍රයොජන ලබාගෙන අප සියල්ලටම ජීවත් වීමට ඇති රට අපට අහිමි නොකරන්න.

තෙවනුව ඊයේ දිනයේ සිට ඇතැම් පල්ලි වලින් ආයුධහමුවී ඇති බවට වාර්තා ඇත.මේ ත්‍රස්තවාදයපැතිරී ඇති බවත් ඒ පල්ලි වල නායකයින් සහ කිහිපදෙනෙක් මේ සංවිධාන වලට සම්බන්ධ වී සිටි අය වියයුතු බවත් තරයේ කියමි.මන්ද මාගේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පල්ලිය සමඟ ඉතා ලඟින් ඇසුරු කරන බවත් මාගේ පල්ලියේ පිරිසුදු ඉස්ලාමය අපට උගන්නන බවත් මා මේ අද කතාකරන්නේ එයින් ලබාගත් පන්නරයෙන් බවත් මා දන්නා නිසා ත්‍රස්තවාදයටසම්බන්ධ නොමැති පිරිසුදු මුස්ලිම්වරුන් ප්‍රමාණය එයට සම්බන්ධ ප්‍රමාණයට වඩා ඉතා වැඩි බව කියමි.

මේ ගොන් තකතීරු වැඩ වලට සම්බන්ධ කිසිවෙකු මගේ පවුලේ හෝ වේනම් කරුණාකර කිසිදු සමාවක් නොදී මරාදමන්න.එමෙන්ම මෙයට අනුබල දුන් සියලුම දේශපාලුවො එල්ලාමරාදමන්න.මේ ආදරණීය මිනිසුන්ගේ දේශයයි.එය රැක ගැනීම ඔබ මම අප සැමගේම යුතුකමයි.

මා මේ සිතන ආකාරයට මා ඇඳුම් පලඳින ආකාරයට මා මේ රටට ආදරය කරන ආකාරයට මාගේ මනස දියුණු කර ඇත්තේ මට අවශ්‍ය නිදහස ලබා දී ඇත්තේ මාගේ මුස්ලිම් තාත්තාත් මාගේ සිංහල මවත් පමණක්ම බව කියමි.මාගේ අවසන් හුස්ම තිබෙන තුරු ඔවුන්ට පිං දෙමි.

මුස්ලිම්වරුනි මේ ඔබගේ නිජ භූමිය නොවේ.එය තරයේ සිහිතබාගන්න. අතීතයේ පටන් සිංහල රජවරු මෙය ආරක්ෂා කරගෙන පැවතගෙන ආවේ කොහේවත් නැති කෙහෙල්මල් අරාබිකාරයින්ට මේ රට සින්නක්කර දෙන්න නොවේ.මේ මොහොත වන විටත් දේශයේ මුර දේවතාවෝ ඔවුන්ගේ දිවි පරදුවට තබා උබලාගේ කොහෙන්දෝ ගෙනා විශබීජ විනාශ කරමින් සිටිති.

මා වන් ශ්‍රී ලාංකික අතිශය සුන්දර දෙමව්පියන්ට දාව ඉපදුනු මුස්ලිම් පුරවැසියෙක් නම් පමණක් මේ පින්බිමේ ජීවත් වෙන්න.එසේ නොමැති නම් අපට මෙහේ පාඩුවේ ජීවත් වීමට ඉඩදී ඔබේ තිරිසන්නු ටිකත් කුදලාගෙන අවශ්‍ය ආකාරයේ දීපංකරේකට යන්න.

මෙතෙක් රැකගෙන ආ මිත්‍රකම් සහෝදරකම් අපට අවශ්‍යය.අප යහපත් සමාජයක් ගොඩනැගුවේ ඒවායිනි.එක එක ජාති වලට වෙනම පැති නොව අපි සැම එකාවන් ජීවත් වූයේ එක ගොඩේය.ජාති භේද නොසලකා සවාන් වල කෑවෙමු.දන්සල් වැන්දෙමු.මංගල්ල පොලවල්වලට ගියෙමු.මේ සුන්දර ජීවිතය නොව වෙන මොන ඉටිගෙඩියක් ඔබට ඕනෑකර ඇත්දැයි මට තේරෙන්නේ නැත.

මුස්ලිම් ජනතාව කෙරෙහි අනෙකුත් මිනිසුන්ගේ තිබූ විශ්වාසය නැති වී හමාරය.එය යලි ගොඩනැගීම ඔබටම බාරය.අපි සැවොම එක්ව අපේ සහෝදරකම් ගොඩනගමු.අපේ රට ගොඩගමු. එකාමෙන් එකට ජීවත් වෙමු.

එලෙස ආදරණීයව ජීවත් විය නොහැකි කෙනෙකු වේ නම් මාගේ තාත්තා සහ අම්මාගෙන් ආදර්ශ ලබා ගන්න.ඔවුන් තරම් මේ සමාජයේ ආදරණීය ලෙස ජීවත් වන්නාවූ මුස්ලිම් සිංහල එකතුවක් මා දැක නොමැත.සංහිඳියාව ඇත්තේ එතැනයි.එසේ නොමැතිව ඉස්සරහින් සංහිඳියාව පෙන්වා පිටි පස්සෙන් ත්‍රස්තවාදය පෙන්වන තැන නොවන බව ඔබගේ අසල්වැසිත්‍රස්තවාදියාට, ත්‍රස්තවාදීසැමියාට, ත්‍රස්තවාදීපියාට, ඔබේ හයහතර නොදත් පොඩි එකාට කියාදෙන්න.

එලෙස ඔබට ජීවත් විය නොහැකි නම් මේ ශ්‍රී ලංකාව තුල, ලොව සිංහල ජාතියට හිමි එකම රට තුල, ඔබව පයින් ගසා එලවීමට මා වැනි තවත් බොහෝ පිරිසක් එක්වනු ඇත.

තමන්ගේ දේශයට ආදරය කරන්න.තමන්ගේ සහෝදරයින් වන් සියලුම ජාතීන්ට ආදරය කරන්න.තමන්ගේ ධර්මයට වින කරන සියලුම ආකාරයේ දේ වලින් ඈත් වෙන්න.තමන්ගේ ධර්මය අතිශය නිවැරදි ආකාරයට අනුගමනය කරන්න.මේ අප සැමගේ දේශයයි.එය රැක ගැනීම අප සැමගේම වගකීමයි. යුතුකමයි.

හද කකියන තරමට ඇස් වලින් කඳුලු හැලෙන තරමට මගේ රටට ආදරය කරමි.
අවසානයේ මාගේ තාත්තාට පිං දෙමි.ඔහුමෙන් මේ දේශයට පණමෙන් ආදරය කරන මනුෂ්‍යත්වයට අන් සියලු දෙයට වඩා ප්‍රමුඛත්වය ලබා දෙන සුන්දර පිරිසිදු ආදරණීය මුස්ලිම්වරුන් මාගේ දේශයට ප්‍රාර්ථනා කරමි.