“මද්‍රසා පාසල්වල උගන්වන 600 ක් වහාම රටින් පිටුවහල් කරන්න” – ජනපතිගෙන් බලධාරීන්ට නියෝග

සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ මුස්ලිම් මද්‍රසා පාසල්වල උගන්වන මුස්ලිම් ජාතිකයන් 600 ක් වහාම රටින් පිටුවහල් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස්දී ඇත.

මෙම පිරිසට ශී‍්‍ර ලංකාවට පැමිණීමට වීසා ලබා දුන්නේ කෙසේදැයි යන්න සහ මෙරට පදිංචි වීමට පහසුකම් සලසා ඇත්තේ කවරකුදැයි ආදී සියලූ තොරතුරු සහිත වාර්තාවක් තමාට කඩිනමින් ලබාදෙන ලෙසද ආගමික හා විගණන දෙපාර්තමේන්තුවට සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයටජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මෙම මුස්ලිම් ජාතිකයන් අල්ලස් ලබාදී සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ මෙම මුස්ලිම් පාසල්වල ඉගැන්වීම් කරගෙන යන බවටත් මොවුන් වැඩි වශයෙන් මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවල ජීවත්වන බවටත් තොරතුරු ලැබී ඇත.

මොවුන්ට වීසා ලබාදීමට කටයුතු කළේ කවුදැයි විශේෂයෙන්ම සොයා බලා කරුණු වාර්තා කරන ලෙසද ජනපති විසින් මේ ආයතනවලට නියෝග කර තිබේ.