තවුහිත් ජමාත් සංවිධානයේ දේශන පැවැත්වූ සරසවි ඇඳුරෙකු අත්අඩංගුවට

තවුහිත් ජමාත් සංවිධානයේ පල්ලි වලදී දේශන පැවැත් වූ බව කියන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අද ( 30 ) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු අග නගරයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන බවත් පොලිසිය කියයි.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී සිම් කාඩ් පත් 18 ක් ,ලැප්ටොප් පරිඝණක දෙකක් ,අයි පැඩ් එකක් සමඟ සැකකරු භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ .