හපුතලේ යුද හමුදා මාර්ග බාධකයේදී බංගලාදේශ ජාතිකයන් 3 ක් අත්අඩංගුවට

හපුතලේ යුද හමුදා මාර්ග බාධකයේදී අද (30) බංගලාදේශ  ජාතිකයින් තිදෙනෙකු ලොරි රථයක් , තඹ කම්බි තොගයක් සහ වයර් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පැවැසීය.

මෙම පුද්ගලයින් කොළඹ නාවල ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතුව සිට දිවයිනේ දුරකථන කුලුණු අලුත්වැඩියා කිරීමට යන බව පවසා ඇතත් මොවුන් සතුව වීසා බලපත‍්‍රවල මුල්පිටපත් නොමැතිවීම නිසා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.