සංචාරක හෝටලයක තිබූ ඩ්‍රෝන කැමරා 3ක් පොලිස් බාරයට

බණ්ඩාරවෙල පල්ලෙවෙල පනංගල ප‍්‍රදේශයේ කටාර් ජාතිකයෙකුට අයත් සංචාරක හෝටලක තිබී ඩ්‍රෝන කැමරා තුනක් අද (1) පොලිස් බාරයට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

විදේශීය සංචාරකයින් සදහා ඉදිකර ඇති වල්ලාපට්ට වගාවකින් යුත් මෙම සංචාරක හෝටලයේ ඩ්‍රෝන කැමරා ඇති බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩ්‍රෝන කැමරා තුන පොලිස් බාරයට ගෙන ඇත.

මේ පිළිබදව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.