ජනපතිට මඩ ගැසීමට තැත්කළ රනිල්ගේ මඩ කොල්ලෝ 03ක් මාට්ටු…!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිතැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ගෝලයින් තිදෙනකු පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන වගකිවයුතු බව ඇතුළු ජනාධිපතිගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ තොරතුරු ඇතුලත් ලිපි මළු කිහිපයක් තැපැල් කිරීමට පැමිණි අවස්ථාවේය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම තිදෙනා විශාල ප්‍රමාණයේ මළු කිහිපයක් රැගෙන තැපැල් මූලස්ථානයට පැමිණ ඇති අතර ඒවායේ ලිපි 800කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

එම ලිපි යොමුකර ඇත්තේ රට පුරා තිබෙන බෞද්ධ විහාරස්ථාන වල ලිපිනයන්ටය.

මේ සම්බන්ධව සැකසිතා ඇති තැපැල් සේවකයකු එම ලිපියක් විවෘත කර ඇති අතර එහිදී ජනාධිපති සිරිසේන වෙත අවලාද නගමින් භික්ෂූන් වෙත අදාල ලිපිය යොමුකර ඇති බව දැක තිබේ.

අනතුරුව එම සේවකයා ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත දන්වා ඇත.