බෞද්ධ සිවුරු මුස්ලිම් දේවස්ථාන වලින් හමුවෙයි – මෙහෙයුම් තවදුරටත්

දිවයිනේ ප‍්‍රදේශ රැසක ආරක්ෂක අංශ ගත වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 66 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසයි.

කුළියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිතව පිහිටි අනවසර යාඥා මධ්‍යස්ථානයක සහ නිවසක තිබී භික්ෂූන් වහන්සේගේ සිවුරු වලට සමාන රෙදි සහ යුද හමුදා නිල ඇදුම්වලට සමාන රෙදි සොයාගෙන තිබේ. කුළියාපිටිය පොලිසිය සහ බෝයගනේ යුද හමුදා කදවුරේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමේ දී සී ඞී තැටි කිහිපයක් ද සොයා ෙගන අැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ දී සැක පිට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් දෙදෙනෙකු සතුව තිබී පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වීඩියෝ පට, සහරාන් හෂීම්ගේ ඡායාරූප හමුවී අැති බව පොලිසිය පැවසයි.

මහනුවර ගලහ මුස්ලිම් කොලනිය ප‍්‍රදේශයේ දී අන්තවාදී වහබ් දේශන සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කල්පිටිය මණ්ඩලකුඩාව ප‍්‍රදේශයේ දී නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමක දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිස් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී යතුරුපැදි 04ක් සහ මෝටර් රථයක් ද සොයා ගෙන තිබේ.

යුද හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අකුරණ ප‍්‍රදේශයේ දී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන අැත්තේ ඒහිදී ගිනි අවි කොටස්, තියුණු ආයුධ, ජාතික තවුහිද් ජමාද් සංවිධානයට අයත් ලිපි ලේඛන, ව්‍යාජව සැකසූ හැදුනුම්පත්, විදෙස් ගමන් බලපත්, වාහන අංක තහඩු සහ සහතිකපත් තොගයක් ද සමගය.