රුවන්වැල්ලෙන් ඇල්ලු මොහොමඞ් නසීම් මොහොමඞ් හුසේන් ළඟ සැකකටයුතු උපාංග රැසක්

රුවන්වැල්ල කොටියාකුඹුර ප‍්‍රදේශයේ ඊයේ (01) රාත‍්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පෙට‍්‍රල් බෝම්බ ඇතුළු නීති විරෝධි භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මොහොමඞ් නසීම් මොහොමඞ් හුසේන් නම් වූ සැකකරුවෙකු සතුව තිබී පෙට‍්‍රල් බෝම්බ 11ක් සොයාගත් බවයි.

මීට අමතරව වෝකි ටෝකි යන්ත‍්‍ර 02ක්, GPS  යන්ත‍්‍රයක්, බැංකු පොත් 12ක්, විදේශ ගමන් බලපත‍්‍ර 16ක්, තියුණු ආයුධ, හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල සහ කැමරා 02ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ නිවසේ තිබී රුපියල් 39,600ක මුදලක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි පොලිසිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.