අනවසරයෙන් පාසැලකට ඇතුළුවි ජයාරූප ගැනිමට ගිය විදෙස් මාධ්‍යවේදියා රිමාන්ඩ්

කටාන ප්‍රදේශයේ විදුහලකට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු මෙම මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කරනු ලැබුවා.

රොයිටර් පුවත් සේවයේ ජයාරූප ශිල්පියෙක් වන සිද්ධික් අහමඩ් ඩැනිස් නැමැති මෙම විදෙස් මාධ්‍යවේදියාව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද පැමිණිල්ලකට අනුවයි.

කටාන ප්‍රදේශයේ විදුහලකට අනවසරයෙන් ඇතුල්වි එහි ජයාරූප ගැනිමට මෙම රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියා උත්සහ දැරූ බවට විදුහලේ විදුහල්පතිවරයා කටාන පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් මෙම මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.