ජනපති පොලිස්පති ඉවත් කිරිම හොදයි කියා ඇමති නවීන් කියද්දී – රනිල්ට තද වෙයි

එක්සත් ජාතික පක්ෂයෙ විශේෂ රහසිගත සාකච්ඡාවක් ඊයේ දිනයේදී අරලිගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් පල කරන අමාත්‍ය නවීන් දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරිම අනුමත කරන බවත් එය ඉතා හොද දෙයක් බව ද පවසා සිටියේ ය.

අගමැතිතුමා පොලිස්පතිව ආරක්ෂා කරන හේතුව ද මෙහිදී නවීන් දිසානායක මහතා විමසා සිටියේ ය.

මෙයට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවීන් දිසානායකට මහතාට බැන වදී.

මේ වනවිට එම විඩීයෝව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.