ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මූල්‍ය පරිපාලකවරයා අත්අඩංගුවට

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මූල්‍ය පරිපාලකවරයා ලෙස කටයුතු කළ අබ්දුල් සක්තාර් මොහොමඞ් නමැත්තා ගම්පොල ප‍්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු සතුව තිබී එම සංවිධානයේ සාමාජිකයන් අතර හුවමාරු වූ රුපියල් කෝටියකට අධික මුදල් හුවමාරු සම්බන්ධයෙන් වන රිසිට්පත් 200 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන සහෝදරයින් දෙදෙනා සැගව සිටි ගම්පොල පාවහන් වෙළද සැලේ හිමිකරුට අයත් නිවස අසල කුලී නිවසක සිටියදීයි.