ත්‍රස්තවාදය මැඩලීමේ සටනට ආණ්ඩුවේ අන්තවාදි මුස්ලිම් දේශපාලකයන්ගෙන් බාධා….!

රට පුරා මේ දිනවල කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙණ ඇතැම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසියට සහ හමුදාවන්ට දේශපාලන බලපෑම් සිදු කෙරෙන බව අප වෙත වාර්තා වනවා. 

පොලීසියට සහ හමුදාවන්ට මෙලෙස බලපෑම් කරන්නන් අතර අමාත්‍යවරුන් ද කිහිපදෙනෙකු සිටින බවයි වාර්තා වුණේ. මෙම දේශපාලන බලපෑම් නිසා විමර්ශනවලට අවහිරතා සිදුවන බවද පැවසෙනවා. 

කෙසේවෙතත් පොලීසිය සහ හමුදාව දේශපාලන බලපැම් නොසලකා විමර්ශන සිදු කරන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ