පොලිස්පති වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා සුදානම් නෑ

පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් තමන්ගේ මූලීක අයිතිවාසිකම් කඩවූ බව පෙන්වා සංචාරක ව්‍යාපාරික ජගත් විතානගේ විසින් ගොනු කර ඇති නඩුව අද කැඳවනු ලැබූවා. 

එහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පතිවරයා සහ පොලිස් නිළධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට මෙතෙක් නීතිපතිවරයා සුදානම් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නීතිඥවරිය අධිකරණයට කරුණු දැක්වූවා.

මෙහිදි එම පොලිස් නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා සූදානම්ද යන්න ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දී ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව මෙම මස 21 වෙනිදා දක්වා කල් තැබූවා.