මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදය එකම කාසියේ දෙපැත්තක් – පාස්කු ප්‍රහාරයේ සැඟවුණු තිත්ත ඇත්ත

පාස්කු ඉරිදා ඛේදවාචකය අපේ රටේ ආරක්ෂාව පහළ සිට ඉහළටම වෙව්ලුවා දැම්මේය. එම ප්‍රහාරය සිදුවූ මුල් දිනවල රටේ මිනිසුන්ට වුයේ කුමක්ද කියා සිතා ගැනීමටවත් නොහැකි විය. එය ඒ තරම්ම අනපේක්ෂිත කුරිරු ප්‍රහාරයකි. එමත්‍රස්තප්‍රහාරයෙන් දෙසතියකට කිට්ටු කාලයක් අවසන් වී ඇත. ආරක්ෂක අංශ 21 වන දින සිට අඛණ්ඩව රටේ ජනතාවගේ ආරක්ෂාව ප්‍රත්‍යක්ෂ කරමින් සිටිති. ඒ අතරතුරම මෙය සිදු වුයේ කෙසේද? නපුරු බීජය සොයාගත යුතුව ඇත. සමහරවිටම එය අප දන්නාම දෙයක් වන්නට පුළුවන.

30 වසරක කුරිරුත්‍රස්තවාදයතුල එල්.ටී.ටී.ඊ සංවිධානය තම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස මත්කුඩුවෙළඳාම ජයටම කරගෙන ගියහ. කොටිත්‍රස්තවාදීන්හොර ජාවාරම් මත්වෙමත්ද්‍රව්‍ය ළදාම් දශක තුනක් අප රට තුළ මෙහෙයවීම කරනකොට අවසානයේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන කුඩුමධ්‍යස්ථානයක් බවට අප රට පත්විය. ඔවුන් සේමමත්ජාවාරමට නිජබිමක් වූ පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය ආදී රටවලින් ගිනිඅවිවලට අමතරව මහා පරිමාණයෙන් මත්මත්ද්‍රව්‍ය ආදිය  ගෙන ඒම සිදු කළහ. ත්‍රස්තවාදයහා කුඩුජාවාරම්කරුවන් ද එකම පිරිසක් විසින් මෙහෙයවන බවට මීට වඩා සාක්ෂි අනවශ්‍යය.

කොටි ත්‍රස්තවාදීන්පමණක් නොව ලෝකයේ සිටින වෙනත් ත්‍රස්‌තවාදීන්ගේදප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. අල් කයිඩා, තලෙයිබාන් මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය(ISIS) ද මත්ද්‍රව්‍ යව්‍යාපාරයේ රජවරුය. 2009 වසරේදී රුදුරු ත්‍රස්තවාදයෙන්රට මුදා ගත් පසුද අවාසනාවකට බලයේ සිටිය ආණ්ඩුවේ නොහැකියාව මත කුඩුමාරයාගෙන්රට මිදුනේ නැත. එම ආණ්ඩුවේ යම් යම් පුද්ගලයින්ගේ ආශිර්වාදය මත අපේ රටේකුඩු ව්‍යාපාරය අවසන් වීම වනවා වෙනුවට පෙරටත් වඩා ජයටම සිදු කරගෙන ගියේය.

කෙසේ වෙතත් අද වන විට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ ජාවාරමට බහුතරයක් සම්බන්ධව ඇත්තේ මුස්ලිම් ජාතිකයන් ය. එයින් ද බහුතරයක් පාකිස්තානු ජාතිකයන් ය. අන්තවාදීත්‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානය විනාශකළ පසුව අද වන විට ඇෆ්ගනිස්ථානය ඔවුන්ගේ මත්ද්‍රව්‍යජාවාරමේ තිප්පොළක් බවට පත්කරගෙන ඇත. ශ්‍රී ලංකාවද ඒ තත්වයට පත්වෙමින් තිබූ අවධියක මේ පුංචි රටෙන් මත්රකුසාමර්දනය කර මහා සංග්‍රාමයක් වත්මන් ජනපති මෛත්‍රීගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක විය. එම ප්‍රහාරයසිදුවුයේ ජනපති මෛත්රිගේ මත්ද්‍රවයරටින් තුරන් කරන ඒ මහා ජනතා හිතෛෂී මෙහෙයුම ජාත්‍යන්තර පැසසුම් වලට පවා ලක් වූ මොහොතකය.

එම ක්‍රියාන්විතය මත්ද්‍රව්‍්‍ ය ඡාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන්ටමරු පහරක්වන්නට ඇත. හේතුව දිගින් දිගටම රට අස්සක් මුල්ලක් නෑරම දිනපතාකුඩු සහ ජාවාරම්කරුවන්අල්ලන්නට වූ බැවිනි. පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍්‍ය ඡාවාරම්කරුවන් බහුතරය පාකිස්ථානුවන් හා විදේශිකයන්ය.

මේ තත්වය තුළ ISIS සංවිධාන වලට කෙසේ හෝ ජනපතිගේ මේ මෙහෙයුම අඩපණ කර පළිගැනීමක්ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරයකරන්නට ඇති බව පොදුජන මතයයි. පසුගිය දිනක ISIS නායක අබු බාකර් අල්-බක්ඩාඩි (Abu Bakr Al-Baghdadi) වීඩියෝවක් ලෝක මාධ්‍යයට නිකුත් කරමින්ද ශ්‍රී ලංකාවේ සිදුකල මෙමප්‍රහාරය පළිගැනීමක්බවටද පිළිගෙන ඇත.

ඒ අනුව අපට පැහැදිලි වන කාරණාවක් වන්නේ ත්‍රස්තවාදයසහ මත්ද්‍රව්‍්‍ය ජාවාරම ගසක පොත්තක් මෙන්ය යන්නය. කෙසේවෙතත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා විසින් ආරම්භ කල මත්ද්‍රව්‍්‍ය වැටලීමේ විනාශකිරීමේ මෙහෙයුම සාර්ථක ප්‍රතිපල ලබා ගැනීම ඉහත සඳහනක් කල කණ්ඩායම් හට විශාල තර්ජනයක් විය. බුද්ධි අංශ වාර්තා කරන අන්දමට තහුහිද් ජමාත් සංවිධානයට පාස්කු ඉරිදා කල ප්‍රහාරයේකොන්තරාත්තුව ලැබී ඇත්තේ මෙහි ප්‍රතිපලයක් ලෙස වන්නට ඇත. ISIS සංවිධානය ලෝකයේමත්ද්‍රව්‍ය ගනුදෙනු කරන අංක එකේ සංවිධානයද වෙයි.

ඒ නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපට වැටහෙන්නේ පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත නිර්ලජ්ජිත ත්‍රස්තප්‍රහාරය එල්ල වූයේ, අප රටේ සාර්ථකව මැඩ පවත්වමින් ආ මත්කුඩුජාවාරමටත් දූෂණයෙන් තොරව සංහිදියාවෙන් ආ ගමන් මඟ නවතා ලීම සඳහා එල්ලවූබෝම්බ ප්‍රහාරයක් ලෙසයි..