රිල්වාන්ගේ නිවසෙන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගැනේ

සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුලදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් සහරාන්ගේ හෂිම්ගේ සහෝදරයෙකු වන රිල්වාන්ගේ කාත්තන්කුඩ් නිවසේ තිබි මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්, ජංගම දුරකථන 2ක්,  ATM කාඩ් පත් කිහිපයක්, බැංකු ගිණුම් පොත් සහ පිපිරිමෙන් මියගිය රිල්වාන් යුවලගේ දරුවන්ගේ ඡායාරුප 4ක්, ජාතික හැදුනුම්පත් ඇතුළු භාණ්ඩ කිහිපයක් (02) සවස සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි සොයා ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා කාත්තන්කුඩි පොලීසිය එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

සෝදිසියට ලක් කරනු ලැබු නිවසේ සිටි රිල්වාන්ගේ මාමණ්ඩිය හා නැන්දම්මා මෙහිදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඉකුත් සිකුරාදා සයින්දමරුදුහි සිදුවූ සිද්ධියෙන් රිල්වාන් හා ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට පත්විය.