විදෙස් ගමන් බලපත් 10ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

අන්සතු විදේශ ගමන් බලපත් 10 ක් සමඟ මුස්ලිම් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. පයාගල මුංහේන ප්‍රදේශයේදී තැපැල් කාර්යාලය අසළදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළි වු කරුණු අනුව පරීක්ෂා කිරීමේදී මෙම  විදේශ ගමන් බලපත් සොයාගෙන ඇත. 

50 හැවිරිදි මෙම සැකකාර කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිකාරිනියකි.