ඥානසාර හිමියන් බැහැ දැකීමට මන්ත්‍රී විජේදාස රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයට

සිර දඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂ අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණියා. …

පෙරවරු 10 ට පමණ මන්තී‍්‍රවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණි බවයි බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළේ. මීට නොබෝ වේලාවකට පෙරත් මන්ති‍්‍රවරයා ඥානසාර හිමියන් සමග සාකච්ඡා කරමින් සිටි බවද එම ආරංචිමාර්ග අනාවරණ කළා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප‍්‍රතිකාර සදහා ඇතුළත්ව සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ එකේ වාට්ටුවටයි.

මේ අතර ඉකුත්දා නඩු කටයුත්තක් සදහා හෝමාගම අධිකරණයට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියාසිටියේ බෞද්ධ සිද්ධස්ථානවලට ප‍්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බන්ධනාගාරයට පැමිණ තමන් හමුවන ලෙසද ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත කියාසිටියා.