නීතියටවත් යටත් නැති හිස්බුල්ලාට එරෙහිව පළාත් පාලන මන්ත්‍රීවරයෙක් පෙරට එයි (PHOTO)

පාස්කු ඉරිදා එල්ලූ වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළ බව කියන  මුස්ලිම් දේශපාලඥයන් කිහිපදෙනෙකුට සමාජයේ දැඩි චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා ප්‍රධාන තැනක් ගන්නවා. ඒ අනුව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් වහා ඉවත්කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා නැගෙනහිර මහජන සංවිධානයේ සභාපති විජයවික්‍රම ළමාහේවා  (3) කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

උදෑසන 9.30 ට මහා සංඝරත්නයේ අශීර්වාද ලැබ ආරම්භ වූ මෙම උපවාසයේදී ළමාහේවා මහතා සඳහන් කර සිටියේ හිස්බුල්ලා ආණ්ඩුකාර වරයා වසර 30 ක යුද්ධයෙන් පසු සමගියෙන් හා අභිමානයෙන් ජීවත්වූ නැගෙනහිර ජනතාව පාවා දෙමින් ජනතාව සෘජුව හා වක්‍රව මුස්ලිම් අන්තවාදයට හිස එසවීමට ඉඩ දෙන බවත්, ඔහු  මෙම  මිනීමරු සංවිධානයේ  නායකයෙකු බවත්ය.

ත්‍රිස්තවාදී ක්‍රියාවන්ට විවිධ අයුරින් සහය දැක්වූ බව කියන මුස්ලිම් දේශපාලඥයින් ගැන චෝදනා එල්ල වෙද්දී ඔවුන්ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා යුගයක ඊට එරෙහිව හඩ නගන එකම සිංහල මන්ත්‍රීවරයා ලෙස විජේවික්‍රම ලමාහේවා මේ වන විට බොහෝ දෙනාගේ ප්‍රසංශාවට පාත්‍ර වී තිබනෙවා.