අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් පුපුරවා ගත් සයින්දමරුදු නිවසේ දර්ශන

තවුහීද් ජමාද් සංවිධානයේ ත්‍රස්තයන් පිරිසක් විසින් ඉකුත්දා බෝම්බ පුපුරුවා ගත් සයින්දමරුදු නිවස පිරිසිඳු කිරීමට පොලීසිය විසින් ඊයේ (03) පියවර ගනු ලැබුවා. 

කල්මුනේ නගර සභාව සහ පොලිසිය විසින් මේ සදහා එක්ව සිටි බවයි ප්‍රදේශයේ සංචාරයක නියැලුනු අප වාර්තාකරු පැවසුවේ.

පසුගිය පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාරයන් හි ප්‍රධාන සැකකරුවු සහරාන් හෂිම්ගේ සහෝදරයින් දෙදෙනා සහ පියා විසින් අන්තර්ජාලයට එක් කර තිබු විඩියෝව පටිගත කරන ලද ස්ථානයද මෙහිදි හදුනාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අනාවරණය කර සිටියා.