පාසලට බෝම්බ තබනවා : යාපනයේ විදුහල්පතිනියකට තර්ජණාත්මක ලිපියක්

යාපනය චුණ්ඩක්කුලි බාලිකා විදුහලට බෝම්බ තබන බව පවසමින් එම විදුහලේ විදුහල්පතිනියගේ නිවසට ISIS සංවිධානයට අයත් ධජයද සහිතව ජාතික තව්හිත් ජමාද් සංවිධානය නමින් ලිපියක් ඒවා ඇති බව යාපනය පොලිසිය පවසනවා.

චුණ්ඩක්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට මෙසේ මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අතර එම අවස්ථාවේම විදුහල්පතිනිය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

මේ අනුව අදාල ලිපියේ ISIS ධජයට අමතරව තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවද යාපනය පොලීසිය සදහන් කර සිටිනවා.

දෙමළ බසින් ලියා තිබූ ලිපිය සිංහල බසට පරිවර්ථනය කිරීමේදී එහි මෙසේ සඳහන්ව තිබෙනවා. 

” චුණ්ඩක්කුලි විදුහල්පතිනිය,

මෙම දේශය අල්ලාහ්ගේ දේශයයි මෙහි ඉස්ලාම් ජනතාව පමණක්ම ජීවත්විය හැකියි. මෙය අපගේ පූජනීය භූමියයි ඔබලා වැනි කිතුනුවන් හෝ වෙනත් කිසිවෙකුත් ජීවත් විය නොහැක. එසේ ජීවත් වීමට ඉඩ නොදෙමි. බදාදා දින 2019-05-08 පාසලේ බෝම්බ තියනවා සියලුම කිතුනු සිසුන් මරා දමනවා.අල්ලාහ් සත්‍යයි. සියලුම පාසල්වල බෝම්බ තියන්න ජිහාත් සාමාජිකයින් එනවා ඉන්ෂා අල්ලාහ්. අපේ පවුල අල්ලාහ් ආරක්ෂා කරනවා.
(මුහම්මදු උමර් රියාස් (ප්‍රතිප්)

ජාතික තව්හිද් ජමාද් සංවිධානය – යාපනය දිස්ත්‍රික්කය.”

මේ අනුව අදාල ලිපිය එවූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් හෙලී වී නොමැති අතර එම පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බව යාපනය පොලීසිය සදහන් කර සිටියි.