පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර වගකීම ඉටු නොකළ ඉහළ නිළධාරියෙකුට වැඩ වැරදෙන ළකුණු…!

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට පෙර බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ දන්වා තිබුනද ඊට අදාල නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව බොහෝ පාර්ෂව චෝදනා ඉල්ල කළා. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වූ අතර පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට පියවර ගැනුණා.

එසේම මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගත් අතර එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බවටද එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය චෝදනා එල්ල කළා.

ජීවිත දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් බිළිගත් ත්‍රස්ත ප්‍රහාර වල වගකීම මෙලෙස එකෙනෙකා අතර හුවමාරු කරගනිමින් සිටින මොහොතක රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයක ඉහළ නිළධාරියෙකු අත් අඩුංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ඉදිරි සතියේදී අදාළ ඉහළ නිළධාරියා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.