ජනාධිපතිවරණයට පෙර රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නවා – ජනපති

ජනාධිපතිවරණයට පෙර රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට කටයුතු සිදුකරන බවයි.

රොයිටර් පුවත් සේවය සමගඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

එහිදි මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් මර්දනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.