සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය සතුව රුපියල් මිලියන 140ක් හා බිලියන 07ක් වටිනා වත්කම්…!

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140කට අධික මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

එම ත්‍රස්ත සංවිධානය සතුව තිබු මුදලින් කොටසක් මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් වල ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායම සතුව තිබු රුපියල් බිලියන 07ක් වටිනා වත්කම් පිලිබදව ද කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

මෙම වත්කම් සහ බැංකු ගිණුම් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

එමෙන්ම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 09 දෙනෙක් කාන්තාවන් බවයි මෙහිදී කරුණු හෙළි වුයේ. එලෙස අත්අඩංගුවේ පසුවන පිරිසෙන් 54 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද තවත් 19 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා සිටියා.