හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි.එච්. පියසේනට වසර 04ක සිරදඬුවමක් – ලක්ෂ 54 ක දඩයක්

අග්‍රාමාතය කාර්යාලයට අයත් වාහනයක් තම මන්ත්‍රි ධූරය අහිමි වු පසු නැවත භාර නොදී අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ද්‍රවිඩ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පි.එච්. පියසේන මහතාට වසර හතරක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය අද නියෝග කළා.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 54 ක දඩයක් ද ගෙවීමට මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා.

හිටපු මන්ත්‍රීවරයා ට එරෙහිව පොදු දේපල පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුණි.

මොහු 2015 අගොස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් පරාජය වු පසුත් මෙම වාහනය නැවත භාර නොදී අවභාවිත කර ඇති බවට නීතිපතිවරයා චොදනා කර ඇත .