ජෑමර් 08ක් සමග සැකකරුවෙක් මීගමුවේදී අත්ඩංගුවට

මීගමුවේ අද සිදුකළ විශේෂ සෝදිසි මොහෙයුමකදී සන්නිවේදන ජාල වලට අවහිර කරන උපකරණ 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ ආයතන සංකීර්ණයක් ද අද පරීක්ෂාවට ලක්කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

මේ අතර ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගත් වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක භූමිය සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.