නිකාබය හැඳ ආ ගුරුවරියන් 10ක් විදුහල්පති හරවා යවයි

නිකාබය හැඳ සේවයට පැමිණි පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් දස දෙනකු ආපසු හරවා යැවීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඊයේ (07දා) උදෑසන අදාළ ගුරුවරියන් දස දෙනා පාසල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන්ට පාසලට පැමිණීමට නොහැකි වන අයුරින් ගේට්ටුව වසා දමා ඇති අතර ඉන් අනතුරුව ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමු වී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යක්ෂවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර සාකච්ඡා අවසානයේදී එම ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාතේ ගුරුවරුන් හිඟ වෙනත් පාසල් වෙත මාරු කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි ආවරණ සහ ඇඳුම් තහනම් කරමින් හදිසි නිතිය යටතේ නිතිය ක්‍රියාත්මක වන අතර නිකබය හා බුර්කාව වැනි දේවල් සම්බන්ධව මුස්ලිම් ප්‍රජාවම සිය අකමැත්ත ප්‍රකාශ කරමින් සිටිනවා. එසේ තිබියදී සුළු පිරිසක් රටේ නීතියට අවනතව කටයුතු නොකිරීම කණගාටුවට කරුණක්.

රටේ නිතිය ජාති ආගම් බේධයකින් තොරව සමානව පැවතිය යුතු බව සියලු ජනතාවගේ මතයයි..