නිට්ටඹුව ඝාතනයේ සැකකරු අත්ඩංගුවට


නිට්ටඹුව අලවල පාර හුනුපොල අත්තනගල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් සලීම් අමීර් හම්සා නැමැත්තෙක්.

ඊයේ (07) රාත්‍රියේ මෙම සැකකරු විසින් 63 හැවිරිදි මොහොමඞ් දික් මොහොමඞ් ආජීල් නම් පුද්ගලයාට පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණ වී තිබෙනවා. 

විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ දෙපාර්ශවය අතර පැවැති ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රීයේ ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවයි. අලුතින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ.