බුර්කාව නැතුව යනවා කියන්නේ හෙළුවෙන් යනවා වගේ – මුස්ලිම් කාන්තාවන් නිදහසට කරුණු කියයි

රටේ පවතින තත්වය හේතුකර ගනිමින් ජාතික ආරක්ෂව උදෙසා මුහුණු ආවරණ පැළඳීම තහනම් කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරා. කෙසේ නමුත් එම නීතියටද අභියෝග කරමින් ඇතැම් මුස්ලිම් කාන්තාවන් කටයුතු කරන ආකාරය අප මීට වාර්තා කළා.

ත්‍රස්ත ප්‍රහාර වලින් කුඩා දරුවන් ඇතුලු අහිංසක මිනිසුන් සිය ගණනක් ඝාතනය වී තිබෙන මොහොතක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැනවූ මෙම නීතියට පවා අභියෝග කරන ඇතැම් මුස්ලිම් කාන්තාවන් සිය නිදහසට කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව ඔවුන් බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ නිසා මුහුණ නිරාවරණය කරගෙන යෑමේදී යම් අපහසුවක් දැනෙන බව ප්‍රකාශ කර ඇති බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් සඳහන් කරනවා.

තවද එක්වරම බුර්කා‍ව,නිකාබය වැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකි බවත් , වසර ගණනාවක් තිස්සේ මුහුණ වසාගෙන ගොස් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම නිරුවතින් පාරේ යනවා වගේ යනුවෙන් ඇතමුන් පැවසූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එසේම එය වරදක්සේ නොසළකන ලෙසයි එම්.ආර්.එම්.මලික් සඳහන් කරන්නේ.