ශ්‍රී ලංකාවේ ධනවතෙක් ලෝකයම හොල්ලයි – ඇමති රිෂාඩ් ආසියාවේ දසවෙනි ධනවතා..!

ශ්‍රී ලංකාවේ ප්‍රබලම කැබිනට් අමාත්‍යවරයා ලෙස හැඳින්වෙන ඇමති රිෂාඩ් බදුර්දීන් මේ වනවිට ආසියාවේ දසවැනි කෝටිපතියා වීමට ආසන්න වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කරනවා.

ඇමතිවරයා තම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් මහා පරිමාණ ජාවාරම් කරමින් අන්තවාදී ආගම් වාදී කණ්ඩායම් වලට ආරක්ෂාව සලසා දෙමින් මහා පරිමාණ ධනයක් උපයා ඇතැයිද උන්වහන්සේ චෝදනා පවසා සිටිනවා.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් සඳහා පෙනී සිටීමට අධිකරණය වෙත ගෙන ආ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ මේ බව ප්‍රකාශ කළා.

ෂොපින් බෑගයක ඇඳුම් දාගෙන කොළඹ පැමිණ බදියුදීන් ඇමතිවරයා අද වන විට මෙතරම් කෝටිපතියෙක් වී ඇත්තේ කෙසේදැයි අදාළ අංශවලට පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවද උන්වහන්සේ කියා සිටියා.