ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයා ISIS සංවිධානයේ අයෙක්…!

අධ්‍යාපන අමාත්‍යාශයේ ලගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් වූ මොහු නොරොච්චෝලය ප්‍රදේශයේදී ISIS සංවිධානයට සම්බන්ධව කටයුතු කළා යැයි සැකපිට ඊයේ දිනයේදී තලංගම පොලිසියේ අපාරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු විසින් පරිහරණය කළා යැයි පැවසෙන පරිගණකයක් හා ලියකියවිලි කිහිපයක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ .

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධව මේවන විට විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි කරන ලද විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නිහාල් රණසිංහ මහතා පවසා සිටියේ පොලිස් පරීක්ෂණ අවසන් වනතුරු තම කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්

ලගම පාසල හොඳම පාසල කාර්යාලය තුල ඇති ඔහුගේ බඩු භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති බවත් ය.