ඩැනී හිත්තැටිය ඝාතන සැකකරු බෝම්බයක් සමඟ මාට්ටු

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් “ඇට ඉන්දික“ අත්අඩංගුවට ගෙන තිබේ.

මාකඳුරේ මධුෂ්ගේ ගොලයෙක් වන ඇට ඉන්දික නැමැත්තා ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කරන්දෙනිය බෙංවල ප්‍රදේශයේ කාන්තාවන්ගේ රන් මාල කැඩීම ගැන ලැබුණු පැමිණිල්ලකට සොයමින් සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ(08) රාත්‍රියේ එගොඩවෙල ප්‍රදේශයේ දී වැටලීමක් කළ අවස්ථාවේ දී ⁣විදේස් රටක නිෂ්පාදිත ජීව අත්බොම්බයක් සමඟ මෙම සැකකරු පොලීස් බාරයට පත්ව ඇත.

ඩැනි හිත්තැටිය මහතා ඝාතන නඩුව ඇතුළු ඝාතන නඩු හා හෙරොයින් නඩු 13කට මෙම සැකකරු වරෙන්තු ලබා සිටින අයෙක් බව ද පොලීසිය සඳහන් කරයි.